• (+94) 0412 241 550
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • Register
  • Login
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පාසල් පැමිණිම හා අධ්‍යාපන කටයුතු
  • අසනීපයක් හෝ වෙනත් විශේෂ හේතුවක් නොමැති නම් දිනපතා පාසලට පැමිණිය යුතුය.
  • පෙ.ව 7.25ට පෙර පාසලට පැමිණීමට වගබලා ගත යුතුය.
  • ප්‍රමාදව පාසලට පැමිණෙන සිසු සිසුවියන් පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ලැ‌‌බේ.
  • උදෑසන පන්ති පිරිසිදු කිරී‌ෙම් හා තම පන්තියට පිරිසිදු කිරීමට වෙන්කර දී තිබෙන පාසල් වත්ත පෙ.ව.7 .25ට පෙර පිරිසිදු කර අවසන් කරගත යුතුය.
  • ආගමික කටයුතු සිදුකරනු ලබන අවස්ථාවේදී කිසිදු සිසු සිසුවියක පාසල තුළ ඔබ මොබ ගමන් නොකළ යුතු අතර තමාට නියමිත ස්ථානයේ සිට ආගමික වතාවත් වල යෙදිය යුතු වේ.
  • විවේක කාලය තුළදී ගැනීමට නිවසෙන් ආහාර රැගෙන ආ යුතු අතර එය බත් හෝ ධාන්‍ය වර්ගයක් වීම ඉතා වැදගත් ‌ෙව්.එසේම කෑම පෙට්ටිය , සර්වියට් එක හා හැන්දක් ගෙන ඒම අත්‍යවශ්‍ය වේ.
  • විවේක කාලය අවසන් වීමේ සීනුව නාද වූ විගසම සිසුසිසුවියන් තම පන්ති කාමරයට පැමිණිය යුතුය.
  • පාසලට පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෙන ඒම සපුරා තහනම් වේ. ඒසේම ශිෂ්‍ය භාවිතයට කිසිසේත්ම නුසුදුසු පොත් පත් පින්තුර සඟරා සංයුක්ත තැටි, විවිධ පිහිවර්ග ආයුධ ගණයට වැටෙන දෑ ආදිය මෙන්ම ජංගම දුරකතන පාසලට ගෙන ඒම සපුරා තහනම් වේ.ඒසේ තහනම් ද්‍රව්‍ය පාසලට රැ‌‌ෙගනවිත් හසුවුවහොත් විදුහල්පතිතුමා විසින් දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
  • පාසල් කාලජේද තුළදී ආපනශාලාව තුළ හෝ වෙනත් ස්ථානවල රැදී සිටීම. සිසු සිසුවියන්ට සපුරා තහනම් වේ.
  • පාසල සතු භෞතික සම්පත් ආරක්ෂාකර ගැනීම පාසල් පරිසරය පවිත්‍රව තබා ගැනීම සෑම සිසු සිසුවියකගේම වගකීමක් වේ.
  • පාසල් පරිසරයට හානි කිරීම මෙන්ම පාසල සතු භෞතික සම්පත් ( ඩෙස්, පුටු, කබඩ්, විදුලිපංකා) ආදියට හානි කරන සිසු සිසුවියන් පිළිබඳ ව පරීක්ෂණ පවත්වා අලාභය අයකර ගැනීමට පියවර ගනු ලැබේ.
  • පාසල නියෝජනය කරමින් විවිධ උත්සව ක්‍රිඩා තරඟ ආදියට සහභාගි වන සිසුසිසුවියන් පාසලේ ගෞරවය ආරක්ෂා කර යුතුය.
  • පාසල අවසාන වූ පසු ද උදයේ නිවසින් පාසලට පැමිණි ආකාරයෙන් ම නිසි නිල ඇඳුමින් (කමිසය උඩට දමා ගැනීම, කොණ්ඩා මෝස්තර සැකසීම ) ආදි දේ නොකරමින් පාසල් ගෞරවයෙන් ආරක්ෂා කර ගනිමින් නිවසට යා යුතුය.
  • පාසල් බෑගය
  • සිසුසිසුවියන්ගේ පාසල් බෑග් කළුපැහැයෙන් යුක්ත විය යුතුය .‍
  • නොගැළපෙන ලාංජන ටැග් ආදිය බෑගයේප්‍රදර්ශනය නොවිය යුතුය.
  • පැති බෑග් ( Side Bags) භාවිතය තහනම් වේ.
  • පළදනා හා අත් ඔරලෝසු
  • ආභරණ පැළදගෙන ඒම සපුරා තහනම් වන අතර ඒසේ ආභරණ පැළඳ පැමිණිය හොත් ඒවා දෙමාපියන්ට මිස වෙනත් කිසිවෙකුට නැවත භාර දෙනු නොලැබේ.
  • සුදු පැහැති පිරිත් නූලක් පමණක් පැළදිය හැකි අතර වර්ණවත් නූල් ආදිය පැළදීම සපුරා තහනම් වේ.
  • සිසුන්ගේ මුදල් පසුම්බි අසාමාන්‍ය ලෙස විශාල වන ආකාරයට සැකසුව එවා නොවිය යුතුය.
  • අත් ඔරලෝසුවක් පළදින්නේ නම් එය අනිවාර්‍යයෙන් ම කළු පැහැති පටියකින් යුක්ත විය යුතු අතර මුහුණත අනවශ්‍ය ලෙස විශාල නොවිය යුතුඅතර අනවශ්‍ය මොස්තරවලින් යුක්ත නොවිය යුතුය.
  • කොණ්ඩය
  • පාසල් ශිෂ්‍යාවකට ගැලපෙන අයුරින් මනාව තෙල් ගා කොණ්ඩය නිසි පරිදි පීරා සකස් කර ගැනීම. සෑම ශිෂ්‍යාවකගේම වගකීමක් වන අතර පහත දෑ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.
  • ප්‍රමාණවත් අයුරින්  කොන්ඩය වවා තිබෙන සිසුවියන් හිස කෙස් මැදින් බෙදා කනට පිටුපසට වන්නට කරල් දෙකක් සාමාන්‍ය ආකාරයට ගෙතිය යුතු අතර අග කොටස නවා කළු පැහැ රිබන් පටියකින් ගැටගසා තිබිය යුතුය.
  • කොට කොණ්ඩය ඇති සිසුවියන් කොණ්ඩය පැත්තෙන් බෙදා මුහුණට කොන්ඩය නොවැටෙන සේ සකස් කරගත යුතු වේ.
  • වර්ණවත් හා ප්‍රමාණයෙන් ලොකු කොණ්ඩ කටු භාවිත නොකළ යුතුය.
  • කිසිදු “හෙයාර් බෑන්ඩ් ” වර්ගයක් භාවිත කළ නොහැක.
  • ආදි සිසු සිසුවියන් හා දෙමව්පියන් සඳහා
  • සියලු ම සහතික නිකුත් කරනු ලබන්නේ බදාදා දිනයන් හි පෙ.ව 8.30 – 12.30 කාලය තුළ පමණි.
  • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ගුරුවරුන් හමුවීම සඳහා අවස්ථාව ලැබීම බදාදා දින පාසල් කාලය තුළ පමණි.
  • විවිධ අවශ්‍යතා සඳහා පාසලට පැමිණෙන ආදී සුසුවියන් හා දෙමව්පියන් පාසලේ ගෞරවය ආරක්ෂාවන පරිදි ගැලපෙන චාම් ඇදුමකින් සැරසී පැමිණිය යුතුය.
  • පාසලට බාහිර පුද්ගලයන් පැමිණෙන විටදී නිසිලෙස ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසුව පාසලට ඇතුළු වීමට කටයුතු කළ යුතුය.

 

 

 

 

 

Paraduwa Adarsha K.V

මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Algiriya,Thelijjawila
  • දුරකථන(+94) 412 241 550
  • ෆැක්ස්

Supported By

© 2026 Paraduwa Adarsha K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk