• (+94) 0412 241 550
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • Register
  • Login
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

 අභිමානවත් සිසුවියක, සිසුවෙකු වීමට.

 

මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

.පාසල් නිල ඇඳුම.

  • ශ්‍රේණියට අදාල නිල ඇඳුම් නියමිත ආකාරයෙන් සකස්කර ගැනීම සිසු සිසුවියන්ගේ වගකීම වන අතර ඒවා නිසි පරිදි සකස්කර දීම දෙමාපියන්ගේ ද වගකීම වේ.
  • සිසුන්ගේ නිල ඇඳුම :-
  • කමිසය අත්කොට විශේෂ අලංකරණවලින් තොර වූ පිටුපස රැලි නොතැබූ සුදු කමිසයක් විය යුතුය.
  • නිල ඇඳුමේ කමිසය සඳහා ලබා දී ඇති පාසල් ලාංජනය කමිස සාක්කුවට තබා මසා තිබිය යුතුය.
  • අත් කොට කමිසයේ අතෙහි දිග අනවශ්‍ය ලෙස කොට කර වැසීම තහනම් වන අතර කමිසයේ අතෙහි දිග තම වැලමිට සංදියේ සිට අඟල් දෙකක් ඉහලින් කෙළවර වන සේ මසා තිබිය යුතුය.

       

ඉදිරිපස පෙනුම  හා  පසුපස පෙනුම

  • කොට කලිසම (1-9 ශ්‍රේණි සඳහා)
  • නිල් කොට කලිසම නියමිත පරිදි තම ප්‍රමාණයට මිනුම් ගෙන සකස් කර යුතු අතර පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වියයුතුය.
  • 1-5 (ප්‍රාථමික අංශය) ශ්‍රේණිවල සිසුන් කලිසමේ ඉන පටිය ඉලාස්ටික් පටිය යොදා මැසිය යුතුය.
  • කලිසමේ ඉන අනවශ්‍ය ලෙස පළලින් නොමැසිය යුතු අතර ඉන වටා බද පටි රදවන රහිත විය යුතුය.
  • කලිසමේ සාක්කුව දකුණු පසින් පමණක් තිබිය යුතු අතර බොත්තමක් හෝ බොත්තම් රදවනයකින් යුක්ත විය යුතු ය.

කලිසමේ පහළ දාරය දණහිසේ සිට අඟලක් ඉහලින් කෙළවර විය යුතුය.

       

                        ඉදිරිපස පෙනුම හා  පසුපස පෙනුම

  • දිග කලිසම (10-11 ශ්‍රේණිය සඳහා)
  • සුදු දිග කලිසමක් වියයුතු අතර කලිසම නියමිත පරිදි තම ප්‍රමාණයට මිණුම් ගෙන සකස කර ගත යුතු අතර පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
  • කලිසමේ ඉන අනවශ්‍ය ලෙස විශාල නොවිය යුතු අතර ඉන වටා බඳ පටි රදවන රහිත විය යුතුය.
  • ඉදිරිපිට සාක්කුව අසල මතුපිට රැලි දෙකක් පමණක් වන සේ මැසිය යුතුය.
  • කලිසමේ පිටුපස සාක්කුව දකුණු පසින් පමණක් තිබිය යුතු අතර බොත්තමකින් හෝ බොත්තම් රදවනයකින් හෝ යුක්ත විය යුතුය.
  • කලිසමේ කකුල් වල පහළ කොටස ( Fold ) අනවශ්‍ය ලෙස කුඩා හෝ විශාල නොවිය යුතු අතර එය අවම වශයෙන් අඟල් 15 ½ ත් 16 ත් අතර විය යුතුය.
  • කලිසම අනවශ්‍ය ලෙස එල්ලා නොවැටෙන පරිදි මසා තිබිය යුතුය.
  • මේස් නොපෙනෙන සේ කලිසම දිගට තිබිය යුතුය.

 

        ඉදිරිපස පෙනුම හා පසුපස පෙනුම

  • පාවහන් හා මේස්
  • ලේස් සහිත කළු පැහැති පාවහන් පැළදිය යුතු අතර පහත කරැණු කෙරෙහි ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
  • 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට ලෙස් සහිත සපත්තු අනිවාර්ය අතර ප්‍රථමික සිසුන් සඳහා අනිවාර්ය නොවේ.
  • පොලොවෙන් ඉහළට අනවශ්‍ය ලෙස එසවුණු පාවහන් නොවිය යුතු අතර ඉදිරිපස අසාමාන්‍ය ලෙස උල් නොවූ පාවහන් නොවිය යුතුය.
  • පාවහන් සමඟ පළදින මේස් කළු පැහැය පමණක් ම වියයුතු ය.
  • විවිධ ලාංජන හා වර්ණවත් ඉරි සහිත මේස් පැළදීම නොකළ යුතු ය.
  • 1ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පාවහන්වල ඉහළ දාරයේ සිට මේස්වල උස අඟල් 2 ක් (5cm) වන පරිදි පහළට නමා තිබිය යුතුය.
  • කොණ්ඩය හා රැවුල
  • ඉදිරිපස කොණ්ඩය උස් වන ආකාරයට කොණ්ඩය නොකැපිය යුතු අතර කොණ්ඩය අතරින් ඇඟිලි යැවූ විට එම ඇඟිලිවලින් ඉහලට නොපවතින ලෙස කොණ්ඩය කපා තිබිය යුතුය.
  • අනවශ්‍ය මොස්තරවලට කොණ්ඩය නොකැපිය යුතුය.
  • රැවුල බෑම සිදුකරන සිසුන් නියමිත පරිදි රැවුල කැපිය යුතු අතර මුහුණින් ඉස්මතුව පෙනෙන සේ රැවුල වවාගෙන පාසලට නොපැමිණිය යුතු වේ.
  • සිතාමතාම රැවුල බෑම මගහරින සිසුන් සඳහා සුදුසු විනය ක්‍රියා මාර්ග ගනු ලැබේ.
  • ශිෂ්‍යාවන්ගේ නිළ ඇඳුම්
  • ශිෂ්‍යාවන්ගේ සුදු ගවුම ඉදිරිපස හා පිටුපස රැලි 5 බැගින් සමන්විත විය යුතු අතර මැද පෙට්ටි රැල්ලකි.
  • ගවුමේ අත වැලමිට සංදියෙහි සිට අඟල් 2ක් ඉහලින් කෙළවර වන සේ මැසිය යුතුය.
  • ගවුමෙහි ඉන වැලමිට සන්දියෙහි සිට අඟල් දෙකක් ඉහළින් මසා තිබිය යුතු ය.
  • ගවුමෙහි ඉන පටිය අඟල් 1 ½ ක පළලින් මැසිය යුතු අතර ඉන පටිය අනවශ්‍ය ලෙස සිහින් හෝ මහත් නොකර මැසිය යුතු වේ.
  • ගවුමෙහි උස මිණුම් කිරීමේදී එය , දණ බිම තැබූ විට ගවුමේ කෙළවර බිම ගෑවෙන උසින් ගත යුතුවේ.
  • ටයි පටිය පැළදීම අනිවාරයය වන අතර එය ඉණ පටියෙන් අඟල් 1ක් පහතට වැටෙන ලෙස පැලදිය යුතු ය.

  • පාවහන් හා මේස්
  • ලේස් සහිත සුදු පාවහන් පැලදිය යුතු අතර පහත දැක්වෙන කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතු වේ.
  • 1-5 ශ්‍රේණි වල ශිෂ්‍යාවන් ලේස් සහිත පාවහන් පැලදීම අනිවාරයය නොවේ.
  • පාවහන් මතුපිට වර්ණවත් ස්ටිකර් , ලෝහමය කොටස්වලින් අලංකරණය නොවිය යුතුය.
  • පාවහන් සමඟ පළදින මේස් සුදු පැහැයෙන් පමණක් විය යුතු අතර එය පාවහන් වල ඉහළ දාරයේ සිට මේස්වල උස අඟල් 2ක් (5cm) වන පරිදි පහළට නමා තිබිය යුතුය.
Paraduwa Adarsha K.V

මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Algiriya,Thelijjawila
  • දුරකථන(+94) 412 241 550
  • ෆැක්ස්

Supported By

© 2026 Paraduwa Adarsha K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk