• (+94) 0412 241 550
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • Register
  • Login
Paraduwa Adarsha K.V
Paraduwa Adarsha K.V
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසලේ ඉතිහාසය

       1878 වර්ෂයේදී ඩී.බී. සූරියආරච්චි මහතාගේ මූලිකත්වයෙන් ඉස්කෝලේ කොරටුව නමින් හැදින්වෙන ඉඩමේ තාවකාලික පොල් අතු මඩුවක පරදුව පාසලේ ආරම්භය සනිටුහන් කරයි. එහි අධ්‍යාපනය ලබා දීම පිරිමි ළමුන් සඳහා පමණක් විය. ආරම්භය සිසුන් හයක් පමණ වුවත් පසුව සිසු සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය විය.මෙහි මුල්ම විදුහල්පතිවරයා වූයේ ඩී.දළුවත්ත නම් මහතෙකි.

      වසර හයක් පරදුව ඉස්කෝලෙ කොරටුවේ පවත්වාගෙන යනු ලැබූ පාසල 1904 වසරේදී අකුරැස්ස මහා මාර්ගයේ දහ වෙනි සැතපුම් කණුව අසළ මනරම් කඳු ගැටයක් මුදුනේ ඉදි කළ ස්ථීර ගොඩනැගිල්ලට ගෙන යන ලදී.මෙය පරදුව ගමේ නොතිබුණත් මෙය මාර/පරදුව ආණ්ඩුවේ පිරිමි පාසල නමින් හැදින්විය.ගැහැනු ළමයින් සඳහා පාසලක් මේ කාලයේම මාරගොඩ ප්‍රදේශයේම ආරම්භ විය.

       පාසලේ පංති පැවැත් වූයේ 5 ශ්‍රේණිය දක්වා පමණි.ගුරු මණ්ඩලයේ දෙදෙනෙකු හා ශිෂ්‍ය ගුරුවරයෙකුගෙන්ද සමන්විත විය.හේනෙගම,හොරගොඩ,ඇල්ගිරිය,මාරගොඩ වැනි ප්‍රදේශවලින් ළමුන් පාසලට පැමිණ තිබේ.

       1905 දී විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළේ පී.ජී.එස්.එස්. කොඩිප්පිලි නම් මහතෙකුය.එකල ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනයක් දැකගත හැකි වූ අතර එකම ගොඩනැගිල්ලක් තුළ කාර්යාලයත් නිල නිවසත් මුළුතැන් ගෙයත් තිබූ අතර අධ්‍යාපන කටයුතුත් මැනවින් ඉටු කර තිබූ බව ලොග් සටහන් වලට අනුව පෙනේ.සුන්දර වටපිටාවකින් වට වූ පාසල් වත්ත තුළ වටිනා ගස් වර්ග පළතුරු වර්ග හා කුඩා ගොවිපලකින්ද යුක්ත වී ඇත.යල මහ කන්න වල ගොවිතැන් කටයුතු සඳහා පාසල් දරුවන්ට නිවාඩු ලබා දී ඇති බව ලොග් පොතේ සඳහන් වෙයි.පාසල් ළමයින් අතරද ගෙවතු වගා තරඟ පවත්වා තිබේ.

       ඉන් පසුව එස්.බී.බැස්ටියන් නම් උප ගුරුවරයෙක් විදුහල්පති ලෙස කටයුතු කළ තිබේ.එකල ගංවතුර තර්ජන ලෙඩ රෝග බහුල වූ බැවින් දරුවන්ගේ පාසල් ගමනද දුර්වල වී තිබේ.මෙම කාලය පළමු වන ලෝක යුද්ධය පැවති සමයයි.යුද්ධය අවසානයේ ජී.ජී.ඩී.ප්‍රේමචන්ද්‍ර මහතා පරදුව විදුහල්පතිවරයා වශයෙන් පත් කරන ලදී.

       1925 සිට 1930 දක්වා එස්.එම්.කරුණාරත්න මහතා විදුහල්පතිවරයා වශයෙන් කටයුතුකර තිබේ.මෙකල පාසලේ වාර්ෂික පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඉන් පසුව ශිෂ්‍ය ගුරුවරුන් පාසලට බදවාගෙන තිබේ.1930 වන විට මිශ්‍ර පාසලක තත්වයට පත් වූ අතර ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී තිබේ.මේ කාලයේ ටී.එම්.එස්.සිල්වා මහතා විදුහල්පති වූ අතර 1933 වර්ෂයේ ජේ.බී.මීගල්ල මහතා විදුහල්පතිවරයා ලෙස පත්ව තිබේ.1935 දී කේ.ඩබ්.ආරියරත්න මහතා විදුහල්පතිවරයා ලෙස පත්වූ අතර 1943 දී එච්.ඩී.කේ.පෙරේරා මහතාද විද්‍යාලයේ විදුහල්පති තනතුර දරා තිබේ.

       1948  පී.සූරියආරච්චි මහතා පරදුව පාසලේ විදුහල්පති වීමත් සමඟ පාසල ස්වර්ණමය යුගයකට මුල්ගල තැබීය. පාසල භෞතික හා මානව සම්පත් වලින්ද දියුණු විය. එතුමා විසින් 1952 දී ජ්‍යෙෂ්ඨ පන්තිය ආරම්භ කරන ලදී.ශිෂ්‍ය සංඛ්‍යාව මේ නිසා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.එම විදුහල්පතිවරයාගේ ඉල්ලීම මත ප්‍රදේශයේ ප්‍රභූවරයකු වූ ආර්.ඒ.විජේතුංග මුදලිතුමා 80x20 නව ගොඩනැගිල්ලක් 1954.02.16 දින පාසලට පරිත්‍යාග කරන ලදී.මෙතුමා ගෙවතු වගා තරග ඇති කර පාසලට ඉමහත් සේවයක් කර 1959.12.14 මෙම පාසලට ආයුබෝවන් කියා උසස් තනතුරක වැඩ භාර ගන්නා ලදී.1960 දී ඩී.ජේ.විජේසේකර මහතා විදුහල්පති වූ අතර 1963 දී ඩී.ඒ.ලියනපතිරණ මහතා විදුහල්පති වී තිබේ.

       1970 දී එම්.සී.ගුණසේකර මහත විදුහල්පති වූ අතර 1978 සිට රාමවික්‍රම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කර තිබේ.1979 සිට පී.කළුආරච්චි මහතා විදුහල්පතිවරයා ලෙස වැඩභාරගෙන තිබේ.

       1989 දී මුල් ම විදුහල්පති පත්වීම ලබා ඒ.ඩී.ආරියරත්න මහතා පැමිණ තිබේ.මෙතුමා විද්‍යාලයට නව යුගයක් ආරම්භ කර දුනි.1933 වර්ෂයේදී පූජා ශක්ති සංවර්ධන ආයතන රාජ්‍ය නොවන සංවිධානයක ආධාර මත පැරණි වූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරවා දුන් අතර එම ශාලාවේම කෙලවරක කුඩා කාමරයක් ඉදි කර එය පුස්තකාල කාමරය බවට පත් කරන ලදී.එම ආයතනය මගින්ම 5000 ක පොත් පරිත්‍යාග කළ අතර 1994 වසරේදී උත්සවශ්‍රීයෙන් මෙම කුඩා පුස්තකාලය පාසලට පවරන ලදී.1994 වසරේදී ලෝක බැංකු ආධාරයෙන් 60x20 නව ගොඩනැගිල්ලක් පාසලට ලැබුණි.මෙය පන්ති කාමර දෙකක් විදුහල්පති කාමරයකින්ද විද්‍යාගාරය ඊට යාබඳව ඉදි කරන ලදී.

       1996 වසරේදී පැරණි ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සිදුකල නිසා ඉඩකඩ මද කමින් සවස් වරුවේද පන්ති පවත්වා තිබේ.මේ සදහා මුදල් ලබා දී ඇත්තේ ඒ.ඊ.සමරසිංහ මහතාය.

      1933 දී සිරි විජේවික්‍රම මහතා පාසලට ආරක්ෂිත වැටක් ගේට්ටුවක් හා තාප්පයක් පළාත් සභා ප්‍රතිපාදන වලින් ලබා දෙන ලදී.1991 වසරේදී අධ්‍යාපනය අතින්ද ප්‍රමුඛයා විය.මාතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් විශිෂ්ටතමයා පරදුව පාසලින් බිහි විය.හර්ෂන රාජ්‍රත්න එම සිසුවා විය.ලංකාවෙන් හයවන ස්ථානය ඔහුට හිමි විය.ඒ සඳහා ඔහුට ජපන් රටේ සති දෙකක සංචාරයක්ද හිමි විය.1994  දී ආදී ශිෂ්‍යයකු වූ යූ.පී.රත්නායක මහතා 12000 පොත් පාසල් පුස්තකාලයට පරිත්‍යාග කරන ලදී.1993 දී වාර්ෂික ත්‍යාග ප්‍රදානය කිරීමට දළිවීර අබේවික්‍රම මහතා ඉදිරිපත් විය.පාසලට ජල විදුලි පහසුකම් මෙකල ලැබුණි.

      1996 දී ප්‍රජා ජල සම්පාදනය හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ පාසලට පානීය ජල සැපයුම ලැබුණි.1998 මාර්තු 17 වැනි දින අලංකාර බුද්ධ මන්දිරයක් ඉදිකොට පාසලට පරිත්‍යාග කලේ කැළණිය කොහොල්විල ශ්‍රී ගංගාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද පරදුව ධර්මරතන ස්වාමීන් වහන්සේය.

       1999 වර්ෂයේ 80x20 නව ගොඩනැගිල්ලක් ලෝක බැංකු ආධාර යටතේ ලැබුණි.තූර්‍ය වාදක කණ්ඩායමද මෙකල ආරම්භ විය.දකුණු පළාත් සභා අනුග්‍රහයෙන් බහු කාර්‍ය ගොඩනැගිල්ලක්ද ලැබුණි.2002 වසරේ ශිෂ්‍යත්වයෙන් හය දෙනෙක් ඉහළින් සමත්ව ඇති අතර නැණ පහන් දැල්වීම වැඩසටහන යටතේ පුස්තකාල පරිත්‍යාග කීපයක් සිදු වී ඇත.තවද සිංහල භාෂා දින තරග වලින් ජයග්‍රහණ කිහිපයක්ද හිමිව තිබේ.අප විදුහලේ 17වන විදුහල්පති ලෙස කේ.හෙට්ටිආරච්චි මහතා පත්ව පැමිණියේ 2002 වර්ෂයේය.මෙය පරදුව පාසල පුනර්ජීවනය සඳහා යන ගමනේ මුලාරම්භය විය.2004 තාවකාලික පන්ති කාමරයක් සහ ක්‍රීඩා පිටියක් වහාම සකස් කරන ලදී.මෙකල මානව හා භෞතික අංශවලින් පාසල් දියුණු වන විට විදුහල්පතිතුමාට කළමනාකරණය පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබී මැලේසියාව සංචාරයක් හිමි විය.එමගින් ලබාගත් අත්දැකීම් අනුව පරදුව ආදර්ශ කණිශ්ඨ විද්‍යාලයක් බවට පත් කරන ලදී.

       පාසලේ බාහිර අලංකරණය අතින් ඉතා දියුණු තත්වයට පත් විය.අධ්‍යාපනය අතින්ද පාසල උසස් ස්ථානයක් ලගා කර ගත්තේය.එකල ක්‍රීඩාපිටිය සඳහා ඉඩම ලබා ගන්නා ලදී.කළුකදහේන නැමති ඉඩමේ රූඩි 04 පර්:05 ප්‍රමාණයක් මේ සදහා ලැබුණි.දන්ත චිකිත්සාගරයද පාසලට විජේතුංග මුදලිතුමන්ගේ ආර්‍යාව විසින් ලබා දුන්නේ මේ කාලයේය.එය විවෘත කිරීමේ උත්සවයේදී ඩෙස් පුටු පරිත්‍යාගයක්ද සිදු කර තිබේ.   

       2005 වසරේදී පැරණී ශාලාව ප්‍රතිසංස්කරණය කරන ලදී. පාසලට අඩුවක් වූ ශබ්ද විකාශන යන්ත්‍රයක්ද පාසලට ලබා ගැනීමට හැකි විය.2005 දී පරිසර භට කණ්ඩායම පාසල තුළ පිහිටුවන ලදී.20x25 ප්‍රමාණයේ දෙමහල් ගොඩනැගිල්ල 2005 වසර තුළ පාසලට ලැබුණේ විදුහල්පතිතුමා හා රාජ්‍ය අනුග්‍රහය අතර තිබූ මනා සබඳතාවය මතය.

       2006 වසර නව ආදර්ශ පාසල් ව්‍යාපෘතිය යටතේ පැරණි ගොඩනැගිල්ල විදුලි පහන් භාවිතා කොට ශාලාව ආවරණය වන පරිදි දොරවල් යොදා රැස්වීම් ශාලාවකට උචිත ලෙස සකස් කිරීම පාසල් ආරක්ෂක සේවය විධිමත් කිරීම සදහා මුර කුටියක් සකස් කිරීම සිදු විය.

       2007 වසරේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා උපකරණ ලැබීමත් සමග එම ඒකක ආරම්භ විය.විද්‍යාගාර අළුත්වැඩියා කිරීම වැසිකිළි පද්ධතියක් ලබා ගැනීම පාසල ආරක්ෂා කිරීමට කම්බි වැටක් ඉදි කිරීම පාසලට ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් යොදා සකස් කිරීම මෙකල සිදු වූ ඉමහත් සේවාවන් අතරට ගත හැකිය.2007 වසරේ රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේදිකා තිරරෙදි ත්‍යාග ප්‍රදානයට අවශ්‍ය තෑගි හා ඇමතුම් පුවරුවක්ද ලැබුනි.

       අප විදුහලේ 18 වන දිවුහල්පති ලෙස ඩබ්.කේ.රාජේන්ද්‍ර මහතා පත්ව පැමිණියේ 2015 වර්ෂයේය.පාසල පුනර්ජීවනය සදහා යන ගමනේ නව මාවතක් හෙළි කල එතුමා “ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ විදුහලට නව දෙමහල් සහ තෙමහල් ගොඩනැගිල්ලක් වශයෙන් ගොඩනැගිලි දෙකක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ යටතේ පාසලට නව විද්‍යාගාරයක්,පරිගනක විද්‍යාගාරයක්,නව පුස්තකාලයක් සහ ගණිතාගාරකයක් ගොඩනැගෙමින් පවතී.

       වසර ගණනාවක් තිස්සේ ඉටු කර ගත නොහැකිව පැවති පළමු ශ්‍රේණිය සදහා සමාන්තර පන්තියක් ලබා ගැනීම විද්‍යාලය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකිය.එලෙසම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සදහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

       එමෙන්ම සුපුරුදු ලෙස සෑම වර්ෂයකම සමස්ථ ලංකා ජයග්‍රහණ හිමි කර ගැනීම තුළින් පාසලට ලබන කීර්තිය ඉමහත්‍ය.

  • කොට්ඨාස කලාප පළාත් සමස්ථ ලංකා ජයග්‍රහණ බහුල විය.
  • සමස්ථ ලංකා මට්ටමේ ඵලදායිතා (විශේෂ කුසලතා) සම්මානය
  • සුවසර තක්ෂලාව දිස්ත්‍රික් මට්ටම් (දෙවන ස්ථානය)

       පියවරෙන් පියවර මෙවන් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ඉතිහාසය පුරා පාසල වෙහෙස වූයේ විදුහල්පතිවරුන් හා දෙමාපියන් හා අවට ප්‍රජාව රජය වැනි විවිධ ව්‍යුහයන් පාසල් සංවර්ධන සමිතිය පාසල නගා සිටුවීමේ කමිටුව ගුරුභවතුන්ගේ අප්‍රතිහත ධෛර්‍යය හා කැපවීම තුලිනි.

       හොද පාසලක් දක්ෂ විදුහල්පතිවරයෙකු දක්ෂ ගුරුවරයෙකු හමුවන දරුවා ජාතියේ මිණි පහනක් වනු නොඅනුමානයි.පාසල ඉහළ මට්ටමකට ගෙන ඒමට විදුහල්පතිතුමා කරනු ලබන කැපවීමට බෙහෙවින් ස්‍තූතිවන්ත විය යුතුවෙයි.පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ කීර්ති නාමය තවදුරටත් වැඩි දියුණු කරමින් අනෙකුත් විද්‍යාල අතරේ පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය නම බැබලවීම වර්තමාන සිසු පරපුර සතු වගකීමක් වේ.    

Paraduwa Adarsha K.V

මාර/පරදුව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Algiriya,Thelijjawila
  • දුරකථන(+94) 412 241 550
  • ෆැක්ස්

Supported By

© 2026 Paraduwa Adarsha K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk